J7 (2016) එක සහ J7 Prime එක ලංකාවේ හොඳට ජනප්‍රිය උන ෆෝන් දෙකක් . ෆේස්බුක් වල වගේම වෙනත් Online Community Sites වල කට්ටිය 30000 -35000 අතර ගන්න හොඳ ෆෝන් එකක් ගැන අහද්දී ගොඩක් ය J7 එක ගන්න කියලා කියනවා අපිට ගොඩක් දකින්න ලැබුනා.ඒවගේම මග තොටේදීත් අපිට J7 ගොඩක් දකින්න ලැබුනා. ඉතින් අද මන් කියන්න හිතුවේ ඒ ජනප්‍රිය J Series එකේ අලුතෙන්ම එන්න ඉන්න සාමාජිකයා වෙන Samsung galaxy J7 2017 එක ගැන.තාම මේක Officially Release වෙලා නෑ.ඉතින් අන්තර්ජාලය පුරා මේ ෆෝන් එක ගැන විවිධ අදහස් දකින්න තියනවා . ෆෝන් එක මේවා වලින් එයි , මෙහෙම එයි , මෙන්න මේ Soc එකෙන් එයි වගේ , මෙන්න මේ Specs තියෙයි වගේ කතා ගොඩක් අපිට අන්තර්ජාලයේ සැරිසරද්දී දකින්න පුළුවන්.ඉතින් අද මන් කියන්න හිතුවේ ඒවා වලින් J7 2017 එක මෙන්න මෙහෙම ඒවි කියල විස්වාස කරන්න පුළුවන් දේවල් ගැන. 



දින කිහිපයකට කලින් J7 2017 ෆෝන් එකේ 3D Render එකක් රිලීස් උනා @OnLeakes  and @91mobiles මගින් .කොහොම උනත් මේක Samsung සමාගම මගින් නිකුත් කරපු දෙයක් නොවෙන නිසා 100 %ක් සත්‍යයි කියලා කියන්න බෑ.ඒ උනාට බොහෝ විට මෙයට ඉතාමත් ආසන්න ඩිසයින් එකක් සහිත ෆෝන් එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා.
 

ඒ ෆොටෝස් පහලින් බලන්න.......
 









මෙන්න මේ වීඩියෝ එකත් බලන්න .......



 







ඒ වගේම J7 2017ෆෝන් එක බොහෝවිට මාදිලි දෙකකින් දකින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. 

Qualcomm Snapdragon 625 Octa Core Processor ( 2GHz)  එක සමග Adreno 506 GPU එක සහිත මාදිලිය හෝ Samsung Exynos 7870 Octa Core Processor (1.5Ghz) එක සමග Mali-T830 GPU එක සහිත මාදිලියකින් දකින්න පුළුවන් කියල තමා  Rumors තියෙන්නේ.

මේ Processor දෙක ගැන පොදුවේ කතා කලොත් මේ දෙකම නිෂ්පාදනය වෙන්නේ 14nm FIN-FET Technology එක යටතේ. මේ තාක්ෂණයෙන් අපිට ඉතාමත් හොඳ battery Efficiency එකක් වගේම Heating Issues අඩු කරගන්න පුළුවන්.ඒ නිසා මේ ෆෝන් එකෙන් අපිට හොඳ battery Life එකක් දකින්න පුළුවන් වෙන බව නම් සහතික කරලා කියන්න පුළුවන් ( මේ ප්‍රොසෙසර් දෙකෙන් ආවොත් )





ඒ වගේම තමා මේ ෆෝන් එකේදී අපිට 5.5 Inch HD(720p) හෝ FULL HD(1080p) AMOLED Display එකක් දකින්න පුළුවන් වෙයි.ෆෝන් එක 5.5 නිසා FullHD ආවොත් හොඳයි කියලා කියන්න පුළුවන්.එහෙම ආවොත් J7 2016 එක එක්ක බලද්දී ලොකු Improve එකක් වෙන්න ඉඩ තියෙනවා.ඒ වගේම AMOLED ඩිස්ප්ලේ එක නිසා අපිට මේක J7 Prime එකට වඩා හොඳ ඩිස්ප්ලේ එකක්


ඒ වගේම 2GB Ram එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.J7 Prime එක සහ වෙනත් Mid Range ෆෝන් එක්ක බලද්දී මේක නම් ලොකු අඩුවක් කියන්න පුළුවන්. එනිසා 3GB වත් ram එකක් ආවොත් ඉතාමත් හොඳ දෙයක්. ඒ වගේම 16GB Internal Storage එකක් බලාගන්න පුළුවන් වෙයි .Dedicated Micro-SD Slot එකක් සහිතව එනවනම් මේ ප්‍රමාණය එච්චර ගැටළුවක් වෙන එකක් නෑ.




ඒ වගේම 13MP main Camera එකක් සමග 5MP Selfie Camera එකක් ලැබෙයි කියලා තමා තොරතුරු තියෙන්නේ 



ඒ වගේම Android අලුත්ම වර්ෂන් එක වෙන Android 7 Nougat එකක් සමග 300mAh බැටරියක් සහිතව ෆෝන් එක දකින්න පුළුවන් වෙයි.Android Nougat ගැන වැඩි විස්තර සිංහලෙන්ම දැනගන්න ඕන නම් මගේ මේ පොස්ට් එක කියවලා බලන්න .

අන්තිමට කියන්න තියෙන්නේ මේ එකක්වත් Official Announce කරපු දේවල් නෙවෙයි. ආන්තර්ජාලයේ විවිධ තැන් වල කතාබහට ලක්වුණු දේවල් සහ විවිධ තැන්වලින් එලියට අපු දේවල් මත පදනම් වෙලා තමා මේ පොස්ට් එක හැදුවේ.ඉතින් මේ තියන දේවල් 100%ක් ම අපිට නියම ෆෝන් එකේදී දකින්න පුළුවන් කියලා කියන්න බෑ.විවිධ වෙනස්කම් වෙනන ඉඩ තියනවා.


එහෙනම් අදට මම සමුගන්නවා.පොස්ට් එක ගැන, සයිට් එක ගැන , අදහස් යෝජනා චෝදනා තියනවනම් කමෙන්ට් එකක් දාලා කියන්න.ඒ වගේම මේ පොස්ට් එක වැදගත් උනා කියලා හිතෙනවනම් අනිත් අයටත් ෂෙයාර් කරන්න.යෝජනා චෝදනා සතුටින් බාරගන්නවා.සුබ දවසක්.

...Photos are taken from the Internet . Photo Credit Goes to Original Uploaders...