අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් වල සෑහෙන්න කතා බහට ලක්වෙන ෆෝන් එකක් වෙන Huawei Honor GR5 2017 හෙවත් Huawei Honor 6 X එක ගැන 
මේක මේ දවස් වල සැහෙන කතා බහට ලක්වෙන ෆෝන් එකක්.ඒකට එක හේතුවක් තමා අතිශය ජනප්‍රිය වුනු Huawei Honor GR5 එකේ අලුත් සාමාජිකයා වීම. ඒ වගේම මේක ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමා මේකේ කැමරාව.GR5 2017 එකට එන්නේ Dual Camera Setup එකක්.අපි මේ කැමරාව ගැන වගේම අනිත් විශේෂාංග ගැනත් කතා කරමු.
ඊට කලින් අපි මේ ෆෝන් එකේ Specification ගැන බලලා ඉමු.


CPU - Hi-silicon kirin 655 Octa Core
GPU- Mali -T830MP2
Display - 5.5 Inches IPS LCD Full HD Display( 1080X1920)
Dimensions - 150.9 x 76.2 x 8.2 mm (5.94 x 3.00 x 0.32 in)
Weight - 162g
3/4GB Ram with 32/64GB Internal Memory and microSD Slot Up to 256GB (Hybrid Sim Slot)
Dual 12MP+2MP Rear Camera with PDAF , LED Flash and 8MP Front Camera
Fingerprint (rear-mounted), accelerometer, proximity, compass Sensors and DTS Audio
Non-removable 3340 mAh battery
Runs Emotion UI 4.1 Based on Android OS v6.0
Fast battery Charging 


මේ තමා GR5 2017 එකේ මුලික විස්තර ටික.වැඩිදුර තොරතුරු මෙතනින් ගිහින් බලන්න ....


 
 

Huawei Honor GR5 එක අතිශය ජනප්‍රිය උන ෆෝන් එකක් කිවුවොත් නිවැරදියි.මොකද ඇත්තටම ඒ ෆෝන් එක ගෙවන මුදලට වටිනා ඉතාමත් වටිනා දේවල් ගොඩක් එකතු කරල හදපු ෆෝන් එකක් නිසා.ඒ නිසාම GR 5 එකේ අලුත්ම මොඩ්ල් එක වෙන GR5 17 එකටත් ලොකු අවධානයක් ලැබුනා.ඇත්තටම මේක GR5 එකත් එක්ක බලද්දී හොඳ Upgrade එකක් කියන්න පුළුවන්. GR5 එකට වඩා ලොකු බැටරියක් , GR5 එකට වඩා Powerful Processor එකක් වගේම Dual Camera Setup එකක් තියන නිසා තමා මන් මේක හොඳ Upgrade එකක් කියල කිවුවේ .



 කොහොම උනත් මේකේ තියෙන කැමරා setup එක huawei ලගේ Flagship වෙන P9 , mate 9 හෝ honor 8 වඩා වෙනස් කිවුවොත් නිවැරදියි.මොකද ඒ කියපු ෆෝන් වල තියෙන කැමරා සෙටප් එක RGB+Monochrome setup එකක්.ඒ කියන්නේ කැමරා දෙකෙන් එකක් වර්ණ සහිත ෆොටෝස් ගන්න අතර අනිත් sensor එක කළු සුදු ෆොටෝ එකක් අරන් ඒ දෙකම එකට එකතු කිරීමෙන් වඩාත් උසස් ගුණාත්මකභාවයක් සහිත ෆොටෝ එකක් Output එක ලෙස ලබාදෙනවා.කොහොම උනත් GR5 17 එකේ පිටුපස තියෙන්නේ 12MP+2MP කැමරා එකක්  .එකෙන් 12MP කැමරා එකෙන් චායරුපය ගන්න කොට අනිත් 2MP කැමරාව Depth Sensor එකක් විදිහට වැඩ කරන්නේ.එකෙන් අපිට පුළුවන් හොඳ Depth of Field shots ගන්න.ඒ කියන්නේ ෆෝකස් කරන දේට පිටිපස්සේ ඇති දේවල් Blur කරලා ලස්සන Image එකක් ලබාදෙනවා.මේක ඇත්තටම Apple iPhone 7 Plus එකේ තියන කැමරා සෙටප් එකට සමානයි.7 Plus එකේ කැමරාවත් කරන්නේ මේ වගේම වැඩක් තමා.




GR5 17 එකේ design එකෙත් ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියනවා කලින් ෆෝන් එක වුනු GR5 එක එක්ක බලද්දී.ෆෝන් එකේ පිටිපස්සේ දෙපැත්තෙන් Curve  කරලා තියෙන නිසා අතට හොඳට සෙට් වෙන විදිහට ෆෝන් එක තියනවා.ඒ නිසා ෆෝන් එක භාවිත කරනකොට හොඳ grip එකක් ලැබෙනවා වගේම , ගොඩක් වෙලා ෆෝන් එක අතේ තියන් ඉන්නකොට අපහසුවක් ඇති වෙන එකත් නැති වෙනවා.

 
 
 


ෆෝන් එකේ ඉස්සරහින් බලද්දී honor ලෝගෝ එක හැර අනිත් ඔක්කොම වගේ කලින් ෆෝන් එකට ගොඩක් සමානයි.ඒ වගේම මේකේ තියන 5.5 Inch LCD Display එක කලින් ෆෝන් එකත් එක්ක බලද්දී ගොඩක් වැඩිදියුණු වෙලා තියනවා.Image Quality එක සහ වර්ණ වල නිවැරදිතාවය අතින් බලනකොට කලින් ෆෝන් එකට වඩා ලොකු දියුණු වීමක් තියනවා.







ෆෝන් එකේ බැක් එක ගත්තම කලින් ෆෝන් එකේ තිබ්බ Brushed aluminum finish එක වෙනුවට matte finish එකක් කරලා තියනව.ඒ වගේම Dual Camera වලට යටින් Fingerprint Sensor එකත් අපිට බලාගන්න පුළුවන්.ඒ වගේම කැමරාවට දකුණු පැත්තට වෙන්න Single LED Flash එකකුත් බලාගන්න පුළුවන්.

 


ඒ වගේම ෆෝන් එකේ ඉස්සරහින් බලද්දී වම පැත්තෙන් අපිට බට්න් මොනවත් දකින්න නෑ.ඒ වෙනුවට අපිට Hybrid Sim Tray එක බලාගන්න පුළුවන්.මොකද්ද මේ Hybrid Sim Slot එක කියන්නේ.මේකෙදි අපිට nano sim දෙකක් හෝ nano sim එකක් එක්ක MicroSD Card එකක් භාවිත කරන්න අවස්තාව ලැබිලා තියනවා.මේකනම් ඇත්තටම ලොකු අඩුවක් . කලින් තිබ්බ වගේ Dual Sim Tray එකක් සමග Micro SD සඳහා වෙන්වුණු Slot එකක් තිබ්බනම් හොඳයි.මේක දැන් ගොඩක් දුරකථන සමාගම් වලින් කරන වැඩක් . ඒක පාරිභෝගිකයන් විදිහට අපිටනම් ටිකක් දැනෙන අඩුපාඩුවක්.මොකද සිම් දෙකම එක්ක Micro SD කාඩ් එක පාවිච්චි කරන්න බැරි වෙන නිසා.හැබැයි මේකට විවිධ විසඳුම් අන්තර්ජාලයේ දකින්න පුළුවන්.හැබැයි මට ඒවා recommend කරන්න නම් බෑ.ඕව කරන්න ගිහිල්ලා වැඩේ නාගත්තොත් මාව අල්ලගන්න එපා



ෆෝන් එකේ උඩින් අපිට 3.5mm Headphone Jack එකක් සමග noise-cancelling Mic එකක් දක්නට පුළුවන්.ඒ වගේම ෆෝන් එකේ යටින් අපිට Speaker එකට සහ Mic එකට මැදින් Micro USB port එකක් බලාගන්න පුළුවන්.ඒ වගේම කලින් ෆෝන් එකට වඩා ලොකු බැටරියක් සහිතව තිබ්බ උනත් කලින් ෆෝන් එකේ thickness එක වෙන 8.2mm ප්‍රමාණයම මේ ෆෝන් එකෙත් දකින්න පුළුවන්.ඒ වගේම තමා hi-silicon Kirin 655 ප්‍රොසෙසර් එකක් තියෙන්නේ.මේක huawei විසින්ම හදන Chipset එකක්. 

 

දැනට මේ ෆෝන් එකෙන් Gray , Gold සහ Silver කියන වර්ණ වලින් මිලදී ගැනීමට හැකියාව තියනවා.Gold සහ Silver වර්ණ වලදී White Front එකක් දකින්න පුළුවන් වගේම Gray එකේදී Black Front එකක් බලාගන්න පුළුවන්.
 
ඉතින් මේවා තමා අලුත්ම huawei Honor GR5 2017(honor 6X) ෆෝන් එකේ දකින්න පුළුවන් විශේෂ දේවල්.මේ සියල්ලම අපිට ශ්‍රීලංකා රුපියල් තිස්පන්දාහකට ආසන්න මුදලකට ලබාගන්න පුළුවන් .ඒ වගේම කියන්න ඕන දැන් huawei ලා ඔවුන් විසින්ම ලංකාවේ වැඩ පටන් අරන් තියනවා.ඒ නිසා ගොඩක් ෆෝන් ෂොප් වලින් කම්පැනි වොරන්ටි දෙනවා.ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලලා ෆෝන් එක ගන්න කියලා කියනවා.ගෙවන මුදලට වටිනා ෆෝන් එකක් කියල තහවුරු කරලා කියන්න පුළුවන්.




 එහෙනම් අදට මම යනවා.මේ පොස්ට් එක ඔයාලට වැදගත් උනා කියලා හිතනවා.මොකක් හරි ගැටළුවක් , යෝජනා චෝදනා එහෙම තියනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.ගල්මුල් සතුටින් බාරගන්නවා.අදට මන් යනවා.තවත් ෆෝන් එකක් ගැන විස්තරෙකින් හමුවෙමු


මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ .
 
චායාරුප වල හිමිකාරිත්වය GSMArena අඩවිය සතුවේ.



GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත 


Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com