ඔන්න එහෙනම් ගොඩක් දවසකට පස්සේ තමා මම පොස්ට් එකක් අරන් ආවේ.අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ Samsung galaxy S7 Edge එක ගැනයි. S7 edge එක කිවුවම නොදන්නා කෙනෙක් ඉන්න බෑ .දැනට Samsung ලගේ තියන flagship ෆෝන් එක තමා මේක (Note 7 එක දැන් නැති නිසා. )




රිවිව් එක ගැන කතා කරන්න කලින් ෆෝන් එකේ specifications ටිකක් කියලා ඉන්නම්කො
 

Chip-set       - Qualcomm MSM8996 Snapdragon 820 / Exynos 8890 Octa
GPU            - Adreno 530 (Snapdragon Version)
                      Mali -T880 MP12 (Exynos Version)
Display        - 5.5 Inches Super AMOLED Display ( 1440X2560 Pixels ) With Corning Gorilla Glass 4      

                      Protection
Dimensions  -    150.9 x 72.6 x 7.7 mm (5.94 x 2.86 x 0.30 in)
Weight         - 157g
4GB RAM with 32/64GB Internal Memory with Micro SD Card Slot
12MP Rear Camera (f/1.7) with PDAF , OIS and LED Flash and 5MP(f/1.7) Front Camera with Dual Video Call And Auto HDR
Fingerprint, Accelerometer, gyro, proximity, compass, barometer, heart rate Sensors
Non-removable Li-Ion 3600 mAh battery
IP68 certified - dust proof and water resistant over 1.5 meter and 30 minutes
Wireless Charging

 

එහෙනම් දැන් පටන් ගනනම් මේ ෆෝන් එකේ රිවිව් එක.
 

Unboxing the Galaxy S7 edge 



 S7 Edge එක අපිට එන්නේ කළු පාට box එකකයි . ඒ බොක්ස් එකේ mobile phone එකත් එක්ක   Fast Charging සහිත Charging Adapter එක , micro-USB Cable එක , Samsung Headphone එකක් , micro USB-to-USB adapter(USB OTG වලට උදව් වෙනවා ) එකක් අපිට දැකගන්න පුළුවන් ....


Design and build quality 


මේකට කලින් ආපු galaxy S6 Edge එකත් එක්ක බලද්දී ගොඩක් සමානකම් S7 Edge එකේ දකින්න පුළුවන් .
 


                                   S6 Edge vs S7 Edge vs I phone 6s Plus

5.5" Super AMOLED screen එක සහ Metal frame එකක් මේ ෆෝන් එකට තියනවා. ඒ වගේම Corning Gorilla Glass 4 නිසා ෆෝන් එකට හොඳ Protection එකකුත් ලැබිල තියනවා කියන්න පුළුවන්....
 

Display
 


මන් කලිනුත් කිවුවා මේකේ තියෙන්නේ 5.5" Super AMOLED Curved Display එකක් කියල.ඒ වගේම මේකේ Resolution එක Quad HD (1440 X 2560) වගේම Pixel Density එක 534Pixels Per Inch වෙනවා.Quad HD Display එකක් තිබීම VR වලදී හොඳ අත්දැකීමක් ගන්න ගොඩක් උදව් වෙනවා.






 ඒ වගේම SAMOLED Display එක නිසා අපිට හොඳ Color Accuracy එකක් බලාගන්න පුළුවන්.








Battery Life
 

S6 Edge එක සහ S7 එක එක්ක බලද්දී S7 Edge එකේ උන ලොකු වැඩිදියුණු වීමක් තමා බැටරිය.පෙර තිබ්බ S6 Edge එකේ 2600mAh සහ S7 එකේදී 3000mAh බැටරියක් ලැබුනත් S7 Edge එකේදී අපිට 3600mAh බැටරියක් ලබාදී තියනවා.ස්මාට් ෆෝන් තියන අයට තියන ලොකු ප්‍රශ්නයක්නේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනට බැසීම.විශාල බැටරි ලබාදීමෙන් මේ අවුල විසඳගන්න පුළුවන් .ඒ නිසා S7 edge එකේ විශාල බැටරියක් ලබාදීම ඇත්තටම ඉතාම වටිනා දෙයක්.කොහොම උනත් මේ බැටරිය Non-Removable එකක්.එත් ඉතින් මේ දවස් වල එන ෆෝන් වලින් ගොඩක්ම එන්නේ මෙහෙම නිසා එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

ඒ වගේම මේ ෆෝන් එකේ අපිට ලබාදීලා තියන Qualcomm's Quick Charge 2.0 තාක්ෂනය මගින් මෙහි බැටරිය පය එකහමාරක් වගේ කාලයක් තුලදී ෆුල් චාජ් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.හැබැයි ඉතින් මේකේ තියෙන්නේ අලුත්ම QC 3.0 නොවන නිසා ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා.කොහොම උනත් පැය  දෙකකට අඩු කාලයක් තුලදී ෆුල් චාජ් කරගන්න හැකි වෙයි කියල තමා මටනම් හිතෙන්නේ.
 

ඒ වගේම මේ ෆෝන් එක Wireless Charging Supported.ඒ වගේම Fast Wireless Charger එකක් මගින් කේබල් එකක් මගින් චාජ් කරන්න යන වෙලාවට සමාන වෙලාවකින් බැටරිය චාජ් කරගන්න පුළුවන්.

ඒ වගේම S7 Edge එක එන වර්ෂන් දෙක වන Snapdragon Version එක සහ Exynos වර්ෂන් එක අතරින් Samsung විසින්ම නිපදවන Exynos Chipset එක සහිත ෆෝන් එක තමා හොඳම බැටරි ලයිෆ් එක ලබාගෙන තියෙන්නේ.ඒ උනත් මේ වර්ෂන් දෙක අතර තියන වෙනස බොහොම පොඩි ප්‍රමාණයක්.ඉතින් ඔයාට මේ දෙකෙන් එකක් තෝරාගන්න උනොත් දෙකෙන් මොන එක තොරගත්තත් ලොකු බලපෑමක් වෙන්නේ නෑ කියන එක තමා මගේ අදහස.



                                                      Exynos Version

                                                    Snapdragon Version


GSMArena වෙබ් අඩවිය මගින් විවධ ජංගම දුරකථන වල battery Test කරන ආකාරය දැනගැනීමට මෙතනින් පිවිසෙන්න,මෙමගින් අපට ජංගම දුරකතනයේ Actual battery life එක 100% ක් නිවරදීව දැනගැනීමට නොහැකි උනත් විවිධ ජංගම දුරකථන අතර Compare කිරීමකට මේ ටෙස්ට් උදව් වෙනවා.


Connectivity 

S7 Edge එක Connectivity අතින් බලද්දී දැනට තියන සියලුම තාක්ෂනයන්ගෙන් සම්පුර්ණයි.

LTE , WI-Fi, a/b/g/n at 2.4GHz and 5GHz networks , Bluetooth 4.2 LE , apt-X-codec  (for high-quality audio streaming) , NFC , USB OTG Supported Micro USB 2.0 වගේ දේවල් මේකේ අන්තර්ගතයි.
 




 

Software Overview and User Interface 


Samsung Galaxy S7 edge එක Run වෙන්නේ Android 6.0.1 Marsh mellow මත Customize කරපු Samsung ලගේ UI එක වෙන Touch-wiz UI එකෙන්.


                                                       Lock Screen
Android M OS එක fingerprint readers, app manager, Doze mode වගේ දේවල් වලට Support කරනවා.


fingerprint reader එක ගැන කතා කරද්දී මේ S7 Edge එකේ තියෙන්නේ  S6 එකේ සහ Note 5 එකේ තිබ්බ sensor එකමයි.මේ sensor එකට finger ප්‍රින්ට් එක තත්පර කිහිපයක් තුල ඉක්මනින් හඳුගැනීමේ හැකියාව තියනවා.
 


 
Setting Up the Fingerprint Protection

ඒ වගේම අපිට Always On Function එකත් මෙහිදී ලැබෙනවා . හැබැයි ඉතින් එක ටිකක් බැටරිය බහින වැඩක් තමා.
 



                                                         Always on display settings

User Interface එකේ තියෙන විවිධ දේවල් ටිකක් පහල චායරුප වලින් බලාගන්න පුළුවන්.

                                                      
                                                        Home Screen   & App Drawer                                                        

                                                    Notification Panel
 
                                                                  Themes

Split Screen Multitasking පහසුකමත් අපිට ලැබෙනවා.

                                                                App switcher                  

                      Floating window

 
Perfomance





දැන් අපි බලමු ෆෝන් එකේ තවත් වැදගත් දෙයක් ගැන. එතමයි ෆෝන් එකේ performance .
 
මම කලිනුත් කිවුවා වගේ S7 Edge එක අපිට Version දෙකකින් ලැබෙනවා.

Exynos 8890 Chipset එකෙන් එන S7 Edge එක සහ Snapdragon 820 කියන දෙක ගැනම අපි කතා කරමු.


Exynos 8890 කියන්නේ Octa Core( Eight Cores) processor එකක්. මේ Core 8න් 4 ක් mongoose කියන Cores වලින් සමන්විතයි.මේ Core හතර 2.6Ghz ස්පීඩ් එකකට Clock කරලා තියෙන්නේ. ඒවගේම අනිත් Core 4 , Cortex-A53 කියන  1.59 GHz ස්පීඩ් එකකට Clock කරපු Core වලින් සමන්විතයි.


ඒ වගේම Exynos 8890 සමග ලැබෙන GPU එක වෙන්නේ  මේ වනවිට තියන most powerful ARM Mali GPU එක වෙන Mali-T880 MP12 කියන GPU එක.සාමන්යෙන් mali GPU වල performance ටිකක් අඩු උනත් මේ T-880 MP12 එකේ තියන Processing Cores 12 නිසා හොඳ පවර් එකක් ලැබෙනවා.



 

Snapdragon 820 Chipset එක ගැන කතා කලොත් මේ Chipset එක Quad Core chipset එකක්. ඒ උනාට මේකේ තියන Cores 4ම ගොඩක් Powerful Core එකක් වෙන Kryo Cores වලින් සමන්විතයි.Kryo Cores4න් දෙකක් 2.15Ghz වලට සහ අනිත් දෙක 1.6Ghz වලට Clock කරලා තියනවා.

ඒ වගේම තමා Snapdragon 820 Chipset එකත් එක්ක අපිට ලැබෙන GPU එක වෙන්නේ දැනට තියන powerful Adreno GPU එක වෙන Adreno 530 එකයි.මේක ඉතාම හොඳ GPU එකක් තමා.Games වගේ දේවල් වලට කිසිම අවුලක් නැතුව උපරිම Performance ගන්න පුළුවන් GPU එකක් තමා මේක.
ඒ වගේම S7 Edge වර්ෂන් දෙකේදීම ලැබෙන්නේ 4GB LPDDR4 Ram එකක්.

මම පහලින් දාන්නම් මේ වර්ෂන් දෙකේම Benchmark Scores තව දන්නා කියන ෆෝන් කිහිපයක් සමග සංසන්දනය කරලම.



Geek-bench 3 single-core ( Higher is better )
Apple iPhone 6s Plus - 2527
Samsung Galaxy S7 edge (S820) - 2345

Samsung Galaxy S7 edge (Exynos) - 2151
 

Geek-bench 3 multi-core ( Higher is better )
Samsung Galaxy S7 edge (Exynos) - 6600
Samsung Galaxy S7 edge (S820) - 5420
Apple iPhone 6s Plus - 4413
 

AnTuTu 6 ( Higher is better )
Samsung Galaxy S7 edge (S820) - 132,849
Samsung Galaxy S7 edge (Exynos) - 129,229
Huawei Mate 8 - 91,609




GFX 3.1 Manhattan -1080p offscreen (Higher is better)
Samsung Galaxy S7 edge (S820) - 32
Samsung Galaxy S7 edge (Exynos) - 29
Sony Xperia Z5 - 18


මේ results බලනකොට කියන්න පුළුවන්  S7 Edge ෆෝන් එක දැනට තියන Powerful ම ස්මාට් ෆෝන් අතරින් එකක් කියලා .

ඒ වගේම තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තමා Snapdragon හෝ Exynos වර්ෂන් දෙකෙන් මොන එක ගත්තත් performance වල ලොකු වෙනසක් නෑ කියන එක.දෙකම කරට කර ඉන්නවා කියන එක.ඒ නිසා මේ ෆෝන් එකේ වර්ෂන් දෙකෙන් එකක් තොරගන්නකොට එච්චරම හිතන්න දෙයක් නෑ.



Camera




S7 Edge එක එන්නේ 12MP පසුපස කැමරාවකින් යුක්ත වෙලා. Pixel Count එක අඩු උනාට , 1.4 µm Large Pixels සහ f/1.7 aperture එක නිසා විශාල ආලෝකයක් හසු කරගැනීමට හැකියාව මේ Camera Sensor එකට තියනවා වගේම Optical Image Stabilization තියනවා.. ඒ නිසා අපිට හොඳ Day Light වගේම Low Light Photos ගැනීමට හැකියාවක් ලැබිලා තියනවා 



ඒ වගේම මේකේ තියන Dual Pixel focusing නිසා අපිට සාමාන්‍ය Phase Detection autofocus එකකට වඩා සිව් ගුණයක් වැඩි වේගයකින් Focus කිරීමේ හැකියාව ලබාදීලා තියනවා. 


ඒ වගේම කැමරා app එක තුල panorama, selective focus, video collage, live broadcast, virtual shot, slow-motion, hyperlapse වගේ modes කිහිපයක් වගේම manual Mode එකත් තියනවා.

                Camera interface

Samsung Galaxy S7 Edge ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් කිහිපයක් පහලින් දාන්නම්.





 


ඒ වගේම S7 Edge එකෙන් ගත්ත Close Up Shots කිහිපයක් පහතින්.





ඒ වගේම තමා මේ ෆෝන් එකේ තියන HDR mode එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන අදහසක් ගන්න පහත චායරුප ටික බලන්න.

                                                              HDR OFF

                  HDR ON

                                                       HDR OFF
 
                                                 HDR ON

කලින් කිවුව වගේම මේ කැමරා එක Low Light Photos වලට හොඳටම හොඳ කැමරා එකක්. සාමන්යෙන් වෙන ෆෝන් එකක හොඳ Low Light ෆොටෝස් ගන්න Tripod එකක අධාරයක් අවශ්‍ය උනත් පහල තියන ෆොටෝස් ටික අරගෙන තියෙනේ Tripod එකක් වගේ කිසිම උපකරණයක් යොදා නොගෙනයි.



 
 

 ඒ වගේම මේ කැමරා එකේ panorama Mode එක යොදාගෙන ඉතාමත් හොඳ පැනරෝමා ෆොටෝස් ගැනීමට හැකියාව තියනවා .




ඒ වගේම මේකේ සෙල්ෆි කැම් එක ගැනත් කතා නොකර බැහැනේ.දැන් සෙල්ෆි කියන්නේ ප්‍රධාන දෙයක් වෙලානේ තියෙන්නේ.මේකේ Front Cam එක 5MP  f/1.7 aperture එකක්.කම් එකෙන් ගත්ත ෆොටෝස් ටිකක් පහලින් දාන්නම්. තව දෙයක් කියන්න ඕන.මේ Front Cam එකේ තියන WideSelfie mode කියන mode එක මගින් අපිට අංශක 120 ක පුළුල් පරාසයක ෆොටෝස් ගැනීමේ හැකියාව තියනවා මේක Group Selfie වලට එහෙම ගොඩක් වැදගත් වෙනවා. 


              Selfies Taken From the S7 Edge

 S7 කැමරා එකෙන් ගත්ත Full HD (1080P) වීඩියෝ සාම්පල් එකක් පහලින් තියෙන්නේ.
 

ඒ වගේම මේ කැමරා එක 4K වීඩියෝ රෙකොඩින් පහසුකමද සහිතයි .4K වීඩියෝවක් පහතින්





අන්තිමට කියන්න තියෙන්නේ දැනට තියන හොඳම Flagship එකක් තම S7 Edge එක.ගන්න සල්ලි තියනවනම් ගන්නම වටිනා ෆෝන් එකක් තමා.Flagship එකක තිබිය යුතු සියලුම අංග වලින් පරිපුර්ණ ස්මාට් ෆෝන් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.SAMOLED Display , Camera , performance , battery , Audio & Video Quality වලින් උපරිමයි වගේම Curved Display එක නිසා හොඳ flagship Feeling එකකුත් ලැබෙනවා.මොකද දැනට තියන Curved Display සහිත ෆෝන් සීමිත නිසා . හොඳ ෆෝන් එකක් හොයන කෙනෙක්ට මේක ඇත්තටම හොඳ choice එකක් කියලා සහතික කරන්න පුළුවන්.එහෙනම් අදට මම ගියා.අලුත් පොස්ට් එකක් දානන ටිකක් කල් ගිය එක ගැන සමාව ඉල්ලනවා.ඒ වගේම ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන , සාමය සතුට සෞභාග්‍ය ඉතිරුණ සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා......
 

post ගැන හිතෙන දේවල් අදහස් යෝජනා චෝදනා පහලින් කොටාගෙනම යන්න.ඒ වගේම පොස්ට් එක හොඳයිනම් , වටිනවා වගේ තේරෙනවනම් share කරගෙනම යන්න :D

මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ . 

චායාරුප වල හිමිකාරිත්වය GSMArena අඩවිය සතුවේ.


GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත 


Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com