ඔන්න බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක විදිහට android ලගේ අලුත්ම OS Version එක වෙන android 7.0 ( Nougat) ගැන තමා කියන්න හදන්නේ . Nougat එක හරියටම එලියට ආවෙ අගෝස්තු මාසේ තමා.ඊට කලින් google සමාගම (google සමාගමට තමා android වල අයිතිය තියෙන්නේ) විසින් nougat වර්ෂන් එකේ beta versions රිලීස් කරලා තිබ්බ ටෙස්ටින් වලට කොහොම හරි officially launch උනේ අගෝස්තු මාසේ තමා. කස්ටියට ඉතින් මේක එච්චර අලුත් දෙයක් නෙවෙයි කියලා මම හිතනවා.මොකද මේ දවස් වල ජංගම දුරකථන සමාගම් සියල්ලක්ම පාහේ ඔවුන්ගේ දුරකථන සඳහා android N update එකක් දෙන්න වැඩ කටයුතු සිදු කරමින් ඉන්නවා . මේ android N එක පළවෙනියටම smart ෆොන් එකකට ආවේ google සමාගමේ Pixel දුරකථනය සමගින්. Google සමාගම ඔවුන්ගේ පෙර පැවති NEXUS Series එකට ටටා බායි කියලා හඳුන්වලා දීපු Phone එක තමා Google Pixel එක. මේක google සමාගම සහ HTC ජංගම දුරකථන නිෂ්පාදන සමාගමේ එකතුවකින් නිපදවුණු දුරකතනයක්.එක ගැන පස්සේ කතාකරමුකෝ.දැන් බහිමු මාතෘකාවට





Android Previous Version එක වෙන Android marsh Mellow සමඟ සසඳා බැලීමේදී Android Nougat වල මෙන්න මේ ප්‍රධාන වැඩිදියුණු වීම් දකින්නට පුළුවන්.



Redesign කරපු Notification System එක 


3rd Part Apps භාවිතා නොකර Notification Bar එක තුලදීම notification සඳහා Direct Reply කිරීමේ පහසුකම 

Split Screen Multitasking පහසුකම ලැබීම. මෙමගින් ඔබට App කිහිපයක කටයුතු එකම වෙලාවක සිදු කිරීමට පහසුකම් සපයනවා ( Multi-Tasking)


නවතම පහසුකමක් ලෙස එක කරන DOZE මගින් ජංගම දුරකතනයේ බැටරි ලයිෆ් එක වැඩිදියුණු කිරීම 


Vulkan API මගින් ගේම්ස් වල Graphics වැඩි දියුණු කිරීමෙන් ඔබට හොඳ gaming Experience එකක් ලබාදීමට කටයුතු කිරීම ( මෙම පහසුකම ලබාගත හැක්කේ ඔබගේ ජංගම දුරකතනයේ එම පහසුකම සැපයීමට අවශ්‍ය hardware Support කරනවානම් පමණි )
  
Day Dream පහසුකම මගින් Virtual Reality අත්දැකීම් නව ඉසව්වක් කරා ගෙනයනු ඇති


ඉහත කරුණු පිළිබඳව සහ තවත් දේ පිළිබඳව සවිස්තරව කතා කරමු
 

Look and feel


Stock Android Nougat එකත් එක්ක එන්නේ Google Now Launcher එක .එක කලින් වර්ෂන් එකත් එක්ක බලද්දී ගොඩක් ලොකු වෙනස් වීම් වෙලා නෑ.විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් ඔවුන් විසින්ම නිපදවන ලද launchers බාවිතා කරන අතර ඔබට අවශ්‍යනම් Google Now Launcher එක Play store එකේ Search කිරීමෙන් Download කරගන්න පුළුවන්.


                                                            Home Screen

                                                          App Drawer
                       

                                                         OLD Looking Lock Screen

Lock Screen  එකෙත් ලොකු වෙනස්වීම් වෙලා නැහැ කලින් එකත් එක්ක බලද්දී.කලින් තිබ්බ වගේම තමා Unlock කරන්න තියෙන්නෙත්.Left Right Swipe කිරීම මගින් Camera එක වැනි App වලට ක්ෂණික පිවිසුවම් ලබාගැනීමට හැකි වෙනවා .

  Nougat වල අලුත් අංගයක් ලෙස Home Screen එකට සහ Lock Screen එකට වෙන වෙනම Wallpapers දැමීමේ පහසුකම ලැබෙනවා.ඇත්තටම මේ පහසුකම් විවිධ සමාගම් වලින් වැඩිදියුණු කරපු කලින් Android  Version වලදී ලැබුන .උදාහරණයක් විදිහට ගත්තොත් Samsung සමාගමේ Touch-wiz UI එකේදී අපිට ඒ පහසුකම ලැබුනේ Android Jelly Bean(4.2) වලදී ..... 



Settings


Android N වල Settings Area එකේ ලොකු වෙනස්කම් කිහිපයක් වෙලා තියනවා.




Settings  Area එක තුල අලුතෙන්ම Search කිරීමේ පහසුකම ලබාදීලා තියනවා.මේකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය setting එකක් search කිරීමෙන් ලබාගන්න,කලින් වගේ අහුමුලු වල හොයා හොයා Setting Area එක පුරා දුවන්න වෙන්නේ නැහැ.

          

ඒ වගේම අපිට විවිද settings වල තොරතුරු main Window එක තුලදීම බලාගැනීමේ අවස්ථාවත් මේ Update එක මගින් ලබා දීලා තියනවා . උදාහරණයක් විදිහට කිවුවොත් අපි Wi-Fi network එකකට Connect වෙලා හිටියොත් Setting වලදී අපි සම්බන්ධ වෙලා ඉන්න Network එක මොකද්ද කියලා බලාගන්න පුළුවන් (වැඩිවිස්තර සඳහා චායරුප බලන්න )



                                 New Settings with glanceable information




ඒ වගේම navigation Drawer එකක් මගින් අපිට Setting වල ඇතුලෙදි වෙනත් setting එකක් තුලට ඉක්මනින් පිවිසීමේ පහසුකම සපයනවා.උදාහරණයක් ලෙස ඔබ Display Setting වල සිටින විට ඔබට Sound Setting වෙත යාමට අවශ්‍ය නම් back නොගොස් notification Drawer එක ක්ලික් කර ඒ තුල Sounds ක්ලික් කිරීමෙන් පහසුවෙන් එම කාර්ය කිරීමට අවස්තාව ලැබිලා තියනවා.මේකනම් ඇත්තටම ගොඩක්ම වටිනා දෙයක් අලුත් වර්ෂන් එකට එකතු වෙච්ච

                                     navigation drawer





Notification

Notification කියන්නේ Android N වලදි ගොඩක්ම අවධානයට ලක්වුණු දෙයක්.notification System එකේ විවිධ වෙනස්කම් කිහිපයක් පෙර වර්ෂන් සමග සැසඳීමේදී වෙනස්වෙලා තියෙනවා


Notification එකේ පෙනුමෙන් ගොඩක් ලොකු වෙනස් වීම් වෙලා නොතිබුනාට වැදගත් අංග කිහිපයක් එකතු වෙලා තියෙනවා 



එහෙම එකතු උන එක දෙයක් තමා notification area එකතුලදීම app වල කටයුතු කිරීමේ පහසුකම.මේකෙදි අපිට app එකකින් notification එකක් ලැබුනම එක ක්ලික් කරලා app එක ඕපන් නොකර Notification area එක තුලදීම විවිධ කටයුතු කිරීමට (Direct Reply) පහසුකම ලැබෙනවා .

 App Developers ලා දැනටමත් ගොඩක් apps  මේ පහසුකම ලබාගන්න පුළුවන් විදිහට Develop කරලා කියලා තමා ආරංචිය තියෙන්නේ.

                                                            Direct Reply

ඒ වගේම අලුත් වර්ෂන් එකේදී අපිට එක app එකකින් notification ගොඩක් එනවා වෙනුවට එක app එකකින් එක notification bundle එකක් ලෙස පෙන්නනවා.ඒක ක්ලික් කරාම එක ඇතුලේ ඒ app  එකෙන් ආපු Notification වල Preview එකක් බලාගන්නත් පුළුවන්.
 
                                                    Bundled Notifications
                                       

                                                    Unbundling Notification



Quick Settings

මෙයත් කලින් වර්ෂන් එකත් එක්ක බලද්දී ලොකු වෙනස්කම් වලට ලක්වෙලා නැහැ, එත් පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියනවා.අපි ඒ ගැනත් කතා කරමු..

කලින් වර්ෂන් එකේදී වගේ මේකෙදිත් Quick Settings ගන්න Notification Shade එක්ක දෙවරක් Pull Down කරන්න ඕන.එක පාරක් පහලට Pull කලාම Notification වලට access එක ලැබෙන අතර නැවත වරක් පහලට ඇදීමෙන් Quick Setting ලබාගත හැකියි.



මෙතන එකතු උන අලුත් දෙයක් තමා notification වලට ඉහලින් තියන Setting Tiles පෙලියයි.කලින් තිබ්බ Stock Android Version වල මේ පහසුකම තිබ්බේ නෑ.ඒ උනාට තෙවන පාර්ශ්වයන් විසින් නිපදවපු UI Launchers වල මේ පහසුකම් තිබ්බා.Stock Android වලත් මේ පහසුකම් එකතු වෙනවා දකින්න ලැබීමත් සතුටක් ....
 

                          New small tiles above notifications

                            
Multi-window view 

Android N වල සිදුවුණ තවත් එක විශාල පහසුකමක් එක වීමක් තමා Multi Window , Split Screen පහසුකම .මේ පහසුකම මගින් අපිට Multitasking කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට හැකි වෙනවා.එක Window එකක් තුලදී ඇප්ස් කිහිපයක් open කර භාවිතා කිරීමට පහසුකම මෙහිදී අපට ලැබෙනවා...


               Split-screen on phones in portrait mode
 
කොහොම උනත් මේ පහසුකමත් විවිධ දුරකථන නිෂ්පාදන සමාගම් විසින් ඔවුන්ගේ Custom Rom තුලදී ලබාදී තිබුනා.එහෙත් ඒවා ක්‍රියාත්මක වීමේ යම් යම් සිමා තිබුනා.

සමහර app වලට විතරක් ඒ පහසුකම ක්‍රියාත්මක උනේ පෙරදී.කොහොම උනත් දැන් Android N Stock Rom එකට මෙම පහසුකම ලැබීම නිසා ඒ පෙර පැවතී අවහිරතා මග හැරලා ගොඩක් apps සඳහා පහසුකම ලැබෙනවා 

            Split-screen on phones in landscape mode                
                        
මේ පහසුකම හරියට ක්‍රියාත්මක වීම සඳහා ගොඩක් app developer ලා තමන්ගේ apps වල විවිධ වෙනස්කම් සිදු කර තිබෙනවා.එම නිසා මෙම පහසුකම ලබාගැනීමට ඔබගේ apps නියමිත කාලයේදී යාවත්කාලින (update ) කර තිබීම අවශ්‍ය වෙනවා

 

පොස්ට් එක ටිකක් දිග වැඩි වගේ. එනිසා මේකේ ඉතුරු කොටස තවත් පොස්ට් එකකින් දාන්නම්.එහෙනම් පොස්ට් එක ගැන , බ්ලොග් එක ගැන , එකතු වෙන්න ඕන දේවල් ගැන, යෝජනා චෝදනා හැමදේම පහල කොමෙන්ට් බොක්ස් එකේ කොටාගෙනම යන්න.



මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ . 

චායාරුප වල හිමිකාරිත්වය GSMArena.com අඩවිය සතුවේ.

GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත 

Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com