කොහොමද ඉතින්.සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා.මම හිතනවා කලින් පොස්ට් එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියල.දැන් ඉතින් ඔයාල මෙතනට ආවේ සැප දුක කතා කරන්න නෙවෙයිනේ.ඒ නිසා අපි පටන් ගමු කලින් පොස්ට් එකේ ඉතුරු ටික ගැන කතා කරන්න.කලින් පොස්ට් එකේදී කිවුවනේ Android අලුත්ම version එක වන Nougat වල තියන විවිධ පහසුකම් ටිකක්  ගැන විස්තරයක් .අද එකේ ඉතුරු ටික ගැන කතා කරමු .

Doze on the go, Data saver  

Android M වල එකතු උන තවත් විශේෂ පහසුකමක් තමා Doze Data Saver එක. එකේම upgrade එකක් විදිහට Android N වලදී Doze on the Go කියල feature එකක් google සමාගමෙන් හඳුන්වලා තියනවා.Data  කියන්නේ ඉතින් අපිට තාමත් ලොකු ප්‍රශ්නයක්නේ.ඊයේ පෙරේදත් ඔන්න Tax ටිකක් ගහලා data Charges තවත් වැඩි කරලනේ.ඉතින් එහෙම තත්වයක් තියනකොට Data Saver එකක් කියන්නේ ලොකු උදව්වක්.

Android N වල එන Doze on the Go එකේදී ඔයාගේ data වගේම battery life එකත් improve කරලා තියෙනවා. හැබැයි කියන්න ඕන මෙතැනදී battery life එකේ වැඩි වීම අපිට උඩ පැනලා නටලා සතුටු වෙන්න පුළුවන් තරම් ලොකු වැඩිවීමක් නෙවෙයි.බොහොම පොඩි වැඩි වීමක් තියෙන්නේ.එත් අපි බලාපොරොත්තු වෙමු මේ Doze On the Go Feature එක ජංගම දුරකථන නිෂ්පාදකයින් ඔවුන්ගේ Custom UI වලදී ගොඩක් වැඩිදියුණු වීම් කරලා එවයි කියල.ගොඩක් අය Data  Saver ගැන දන්නවා කියල හිතනවා.ඒ නිසා ඒ ගැන වැඩි විස්තරයක් කරන්නේ නෑ.



Display size 

මේ දක්වා තිබ්බ Android Version වලදී අපිට Font Size එක වෙනස් කිරීමට විතරයි ඉඩ දුන්නේ.ඒත් Android N වලදී අපිට Font විතරක් නෙවෙයි App icons, Screen එකේ display වෙන විවිධ දේවල් ,Status bar , navigation Buttons වගේ දේවල් වල Size එකේ අඩු වැඩි කරගැනීම කරගන්න පහසුකම ලැබෙනවා.දැන් ඉතින් ඔයාලට Display එකේ පේන දේවල් ලොකු වැඩි හරි පොඩි වැඩි හරි වගේ දැනෙනවානම් ඒවා ඔයාට කැමති ගානට වෙනස් කරගන්න පුළුවන්.ඇත්තටම මේකත් හොඳ පහසුකමක් කියල මට හිතෙන්නේ.



                 Different Display Sizes


Seamless updates and faster app installs 

Seamless update වලදී අපිට අලුත් updates ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එක reboot කිරීමෙන් පමණක් අලුත් update install කරගැනීමට පහසුකම ලැබෙනවා


 ඒ වගේම තමා කලින් version වලදී system Update එකක් කරලා ෆෝන් එක reboot කල විට ආපු “Android is upgrading" සහ  "Optimizing apps” කියන screen දෙක JIT compiler කියන උපාංගය මගින් ඉවත් කර තිබෙනවා.ඒ නිසා ඔයාට ඉක්මනට device එක on  කරගැනීමට පහසුකම ලැබෙනවා.ඇත්තටම මේකත් හොඳ දෙයක්.මොකද සමහර updates වලින් පස්සේ ඔය මැසේජ් එක display වෙලා ෆෝන් එක ඔන් වෙන්න ගොඩක් වෙලාවක් ගත්තා.ඒක නැති උන එකනම් ලොකු දෙයක්. ඒ වගේම තමා JIT compiler මගින් ඔයාට Apps install කිරීම සහ  Update කිරීමත් ඉතා ඉක්මනට සිදු කර දෙනවා.


වෙනත් පහසුකම්


Android 7 වල එන Vulkan API එක මගින් අපිට හොඳ gaming Experience එකක් ලබාගැනීමට හැකිවෙනවා. මෙහිදී games වල 3D graphics වැඩිදියුණු කිරීමෙන් අපිට හොඳ gaming Experience එකක් ලැබෙනවා .




ඒ වගේම Built In Virtual reality Mode  එක මගින් Daydream Supported Device වලට ඉතා ඉහල Virtual reality අත්දැකීමක් විඳ ගැනීමට අවස්තාව සැලසෙනවා .



අවසානය 



Android Nougat එක පෙර වර්ෂන් එක වන Android M එකත් එක්ක සසඳා බැලීමේදී ඉතා ලොකු update එකක් කියලා කියන්න බෑ. ඒ උනත් වැදගත් අලුත් පහසුකම් කිහිපයක් එකතු වී තිබීම නිසා Android N වලට upgrade වීම ඉතාමත් හොඳ තීරණයක් වෙන එක අනිවාර්යයි . Android N මගින් භාවිත කරන්නන් හට පෙරට වඩා හොඳ user Experience එකක් ලැබෙන බවනම් 100%ක් විශ්වාසයි.


ඉතාමත් ඉහල තත්වයේ gaming experience එකක් වගේම Virtual reality අත්දැකීම් විදින්නත් , Doze මගින් data සහ battery Save කරගැනීමටත් ලැබීම ඉතාමත් හොඳ පහසුකම් වෙන බව නිශ්චිතයි.



කෙසේවුවත් තවමත් සියලුම දුරකථන සඳහා Android N upgrade කිරීමේ පහසුකම ලැබී නැහැ. ඔබ Google Pixel ජංගම දුරකතනයක් භාවිත කරන්නේ නම් ඔබ Android N අත්දැකීම් විඳගෙන ඇති. ඒ වගේම Google Nexus Series එක ෆෝන් වලටත් Android N ළඟදීම එන බව කියන්න පුළුවන්. ඒවගේම Samsung , HTC, Sony ,LG, Huawei , Xiaomi, One plus වගේ සමාගම් වල flagship device වලටත් Android N ලබාදීමට එම සමාගම් ලහි ලහියේ කටයුතු කරනවා.ඉතින් කියන්න තියෙන්නේ ඔබ Flagship Device එකක් භාවිතා කරන කෙනෙක්නම් ඔබට Android Nougat රස බැලීම වැඩි දුරක නොවන බවයි . ඒ වගේම තමා Android N  පාදක කරගෙන මෙම සමාගම් වලින් ඔවුන්ගේම Custom UI නිපදවීමෙන් ඔබට මෙයටත් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් අත් විඳ ගැනීමට අවස්තාව සැලසෙනු ඇති.ඔබට Samsung , Sony , HTC , LG ,Huawei , Xiaomi , වගේ සමාගම් වල UI මගින් Stock Android රස බැලීමට අවස්තාව නම් නැති වෙනවා.මොක ඔවුන් ඔවුන්ගේ UI සඳහා Stock Rom එකේ විශාල වෙනස්කම් කරන නිසා.ඒ උනත් ඔබ Stock Android රසවිඳීමට කැමති නම් One plus (Oxygen OS , Cyanogen MOD)  වැනි සමාගම් වලින් එයටත් අවස්තාව සලසා තිබෙනවා.
 

මම හිතනවා මේ පොස්ට් එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.හිතෙන දෙයක් පහලින් කොටාගෙන යන්න.අදහස් යෝජනා චෝදනා සතුටින් භාරගන්නවා.

මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ .
 
චායාරුප වල හිමිකාරිත්වය GSMArena අඩවිය සතුවේ.
GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත


Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com