Samsung Galaxy J7 2017 මොන වගේ වෙයිද ????
J7 (2016) එක සහ J7 Prime එක ලංකාවේ හොඳට ජනප්‍රිය උන ෆෝන් දෙකක් . ෆේස්බුක් වල වගේම වෙනත් Online Community Sites වල කට්ටිය 30000 -35000 අතර ගන්න හොඳ ෆෝන් එකක් ගැන අහද්දී ගොඩක් ය J7 එක ගන්න කියලා කියනවා අපිට ගොඩක් දකින්න ලැබුනා.ඒවගේම මග තොටේදීත් අපිට J7 ගොඩක් දකින්න ලැබුනා. ඉතින් අද මන් කියන්න හිතුවේ ඒ ජනප්‍රිය J Series එකේ අලුතෙන්ම එන්න ඉන්න සාමාජිකයා වෙන Samsung galaxy J7 2017 එක ගැන.තාම මේක Officially Release වෙලා නෑ.ඉතින් අන්තර්ජාලය පුරා මේ ෆෝන් එක ගැන විවිධ අදහස් දකින්න තියනවා . ෆෝන් එක මේවා වලින් එයි , මෙහෙම එයි , මෙන්න මේ Soc එකෙන් එයි වගේ , මෙන්න මේ Specs තියෙයි වගේ කතා ගොඩක් අපිට අන්තර්ජාලයේ සැරිසරද්දී දකින්න පුළුවන්.ඉතින් අද මන් කියන්න හිතුවේ ඒවා වලින් J7 2017 එක මෙන්න මෙහෙම ඒවි කියල විස්වාස කරන්න පුළුවන් දේවල් ගැන.
දින කිහිපයකට කලින් J7 2017 ෆෝන් එකේ 3D Render එකක් රිලීස් උනා @OnLeakes and @91mobiles මගින් .කොහොම උනත් මේක Samsung සමාගම මගින් නිකුත් කරපු දෙයක් නොවෙන නිසා 100 %ක් සත්‍යයි කියලා කියන්න බෑ.ඒ උනාට බොහෝ විට මෙයට ඉතාමත් ආසන්න ඩිසයින් එකක් සහිත ෆෝන් එකක් අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා.
ඒ ෆොටෝස් පහලින් බලන්න.......
මෙන්න මේ වීඩියෝ එකත් බලන්න .......
ඒ වගේම J7 2017ෆෝන් එක බොහෝවිට මාදිලි දෙකකින් දකින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.
Qualcomm Snapdragon 625 Octa Core Processor ( 2GHz) එක සමග Adreno 506 GPU එක සහිත මාදිලිය හෝ Samsung Exynos 7870 Octa Core Processor (1.5Ghz) එක සමග Mali-T830 GPU එක සහිත මාදිලියකින් දකින්න පුළුවන් කියල තමා Rumors තියෙන්නේ.
මේ Processor දෙක ගැන පොදුවේ කතා කලොත් මේ දෙකම නිෂ්පාදනය වෙන්නේ 14nm FIN-FET Technology එක යටතේ. මේ තාක්ෂණයෙන් අපිට ඉතාමත් හොඳ battery Efficiency එකක් වගේම Heating Issues අඩු කරගන්න පුළුවන්.ඒ නිසා මේ ෆෝන් එකෙන් අපිට හොඳ battery Life එකක් දකින්න පුළුවන් වෙන බව නම් සහතික කරලා කියන්න පුළුවන් ( මේ ප්‍රොසෙසර් දෙකෙන් ආවොත් )
ඒ වගේම තමා මේ ෆෝන් එකේදී අපිට 5.5 Inch HD(720p) හෝ FULL HD(1080p) AMOLED Display එකක් දකින්න පුළුවන් වෙයි.ෆෝන් එක 5.5 නිසා FullHD ආවොත් හොඳයි කියලා කියන්න පුළුවන්.එහෙම ආවොත් J7 2016 එක එක්ක බලද්දී ලොකු Improve එකක් වෙන්න ඉඩ තියෙනවා.ඒ වගේම AMOLED ඩිස්ප්ලේ එක නිසා අපිට මේක J7 Prime එකට වඩා හොඳ ඩිස්ප්ලේ එකක්
ඒ වගේම 2GB Ram එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.J7 Prime එක සහ වෙනත් Mid Range ෆෝන් එක්ක බලද්දී මේක නම් ලොකු අඩුවක් කියන්න පුළුවන්. එනිසා 3GB වත් ram එකක් ආවොත් ඉතාමත් හොඳ දෙයක්. ඒ වගේම 16GB Internal Storage එකක් බලාගන්න පුළුවන් වෙයි .Dedicated Micro-SD Slot එකක් සහිතව එනවනම් මේ ප්‍රමාණය එච්චර ගැටළුවක් වෙන එකක් නෑ.
ඒ වගේම 13MP main Camera එකක් සමග 5MP Selfie Camera එකක් ලැබෙයි කියලා තමා තොරතුරු තියෙන්නේ
ඒ වගේම Android අලුත්ම වර්ෂන් එක වෙන Android 7 Nougat එකක් සමග 300mAh බැටරියක් සහිතව ෆෝන් එක දකින්න පුළුවන් වෙයි.Android Nougat ගැන වැඩි විස්තර සිංහලෙන්ම දැනගන්න ඕන නම් මගේ මේ පොස්ට් එක කියවලා බලන්න .
අන්තිමට කියන්න තියෙන්නේ මේ එකක්වත් Official Announce කරපු දේවල් නෙවෙයි. ආන්තර්ජාලයේ විවිධ තැන් වල කතාබහට ලක්වුණු දේවල් සහ විවිධ තැන්වලින් එලියට අපු දේවල් මත පදනම් වෙලා තමා මේ පොස්ට් එක හැදුවේ.ඉතින් මේ තියන දේවල් 100%ක් ම අපිට නියම ෆෝන් එකේදී දකින්න පුළුවන් කියලා කියන්න බෑ.විවිධ වෙනස්කම් වෙනන ඉඩ තියනවා.
එහෙනම් අදට මම සමුගන්නවා.පොස්ට් එක ගැන, සයිට් එක ගැන , අදහස් යෝජනා චෝදනා තියනවනම් කමෙන්ට් එකක් දාලා කියන්න.ඒ වගේම මේ පොස්ට් එක වැදගත් උනා කියලා හිතෙනවනම් අනිත් අයටත් ෂෙයාර් කරන්න.යෝජනා චෝදනා සතුටින් බාරගන්නවා.සුබ දවසක්.
...Photos are taken from the Internet . Photo Credit Goes to Original Uploaders...
under:
ඕපාදුප
Huawei Honor GR5 2017 ( Honor 6X ) ගැන සිංහලෙන්
අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් වල සෑහෙන්න කතා බහට ලක්වෙන ෆෝන් එකක් වෙන Huawei Honor GR5 2017 හෙවත් Huawei Honor 6 X එක ගැන
මේක මේ දවස් වල සැහෙන කතා බහට ලක්වෙන ෆෝන් එකක්.ඒකට එක හේතුවක් තමා අතිශය ජනප්‍රිය වුනු Huawei Honor GR5 එකේ අලුත් සාමාජිකයා වීම. ඒ වගේම මේක ජනප්‍රිය වෙන්න ලොකුම හේතුව තමා මේකේ කැමරාව.GR5 2017 එකට එන්නේ Dual Camera Setup එකක්.අපි මේ කැමරාව ගැන වගේම අනිත් විශේෂාංග ගැනත් කතා කරමු.
ඊට කලින් අපි මේ ෆෝන් එකේ Specification ගැන බලලා ඉමු.CPU - Hi-silicon kirin 655 Octa Core
GPU- Mali -T830MP2
Display - 5.5 Inches IPS LCD Full HD Display( 1080X1920)
Dimensions - 150.9 x 76.2 x 8.2 mm (5.94 x 3.00 x 0.32 in)
Weight - 162g
3/4GB Ram with 32/64GB Internal Memory and microSD Slot Up to 256GB (Hybrid Sim Slot)
Dual 12MP+2MP Rear Camera with PDAF , LED Flash and 8MP Front Camera
Fingerprint (rear-mounted), accelerometer, proximity, compass Sensors and DTS Audio
Non-removable 3340 mAh battery
Runs Emotion UI 4.1 Based on Android OS v6.0
Fast battery Charging
මේ තමා GR5 2017 එකේ මුලික විස්තර ටික.වැඩිදුර තොරතුරු මෙතනින් ගිහින් බලන්න ....
Huawei Honor GR5 එක අතිශය ජනප්‍රිය උන ෆෝන් එකක් කිවුවොත් නිවැරදියි.මොකද ඇත්තටම ඒ ෆෝන් එක ගෙවන මුදලට වටිනා ඉතාමත් වටිනා දේවල් ගොඩක් එකතු කරල හදපු ෆෝන් එකක් නිසා.ඒ නිසාම GR 5 එකේ අලුත්ම මොඩ්ල් එක වෙන GR5 17 එකටත් ලොකු අවධානයක් ලැබුනා.ඇත්තටම මේක GR5 එකත් එක්ක බලද්දී හොඳ Upgrade එකක් කියන්න පුළුවන්. GR5 එකට වඩා ලොකු බැටරියක් , GR5 එකට වඩා Powerful Processor එකක් වගේම Dual Camera Setup එකක් තියන නිසා තමා මන් මේක හොඳ Upgrade එකක් කියල කිවුවේ .
කොහොම උනත් මේකේ තියෙන කැමරා setup එක huawei ලගේ Flagship වෙන P9 , mate 9 හෝ honor 8 වඩා වෙනස් කිවුවොත් නිවැරදියි.මොකද ඒ කියපු ෆෝන් වල තියෙන කැමරා සෙටප් එක RGB+Monochrome setup එකක්.ඒ කියන්නේ කැමරා දෙකෙන් එකක් වර්ණ සහිත ෆොටෝස් ගන්න අතර අනිත් sensor එක කළු සුදු ෆොටෝ එකක් අරන් ඒ දෙකම එකට එකතු කිරීමෙන් වඩාත් උසස් ගුණාත්මකභාවයක් සහිත ෆොටෝ එකක් Output එක ලෙස ලබාදෙනවා.කොහොම උනත් GR5 17 එකේ පිටුපස තියෙන්නේ 12MP+2MP කැමරා එකක් .එකෙන් 12MP කැමරා එකෙන් චායරුපය ගන්න කොට අනිත් 2MP කැමරාව Depth Sensor එකක් විදිහට වැඩ කරන්නේ.එකෙන් අපිට පුළුවන් හොඳ Depth of Field shots ගන්න.ඒ කියන්නේ ෆෝකස් කරන දේට පිටිපස්සේ ඇති දේවල් Blur කරලා ලස්සන Image එකක් ලබාදෙනවා.මේක ඇත්තටම Apple iPhone 7 Plus එකේ තියන කැමරා සෙටප් එකට සමානයි.7 Plus එකේ කැමරාවත් කරන්නේ මේ වගේම වැඩක් තමා.
GR5 17 එකේ design එකෙත් ලොකු වෙනස්කම් ටිකක් වෙලා තියනවා කලින් ෆෝන් එක වුනු GR5 එක එක්ක බලද්දී.ෆෝන් එකේ පිටිපස්සේ දෙපැත්තෙන් Curve කරලා තියෙන නිසා අතට හොඳට සෙට් වෙන විදිහට ෆෝන් එක තියනවා.ඒ නිසා ෆෝන් එක භාවිත කරනකොට හොඳ grip එකක් ලැබෙනවා වගේම , ගොඩක් වෙලා ෆෝන් එක අතේ තියන් ඉන්නකොට අපහසුවක් ඇති වෙන එකත් නැති වෙනවා.
ෆෝන් එකේ ඉස්සරහින් බලද්දී honor ලෝගෝ එක හැර අනිත් ඔක්කොම වගේ කලින් ෆෝන් එකට ගොඩක් සමානයි.ඒ වගේම මේකේ තියන 5.5 Inch LCD Display එක කලින් ෆෝන් එකත් එක්ක බලද්දී ගොඩක් වැඩිදියුණු වෙලා තියනවා.Image Quality එක සහ වර්ණ වල නිවැරදිතාවය අතින් බලනකොට කලින් ෆෝන් එකට වඩා ලොකු දියුණු වීමක් තියනවා.
ෆෝන් එකේ බැක් එක ගත්තම කලින් ෆෝන් එකේ තිබ්බ Brushed aluminum finish එක වෙනුවට matte finish එකක් කරලා තියනව.ඒ වගේම Dual Camera වලට යටින් Fingerprint Sensor එකත් අපිට බලාගන්න පුළුවන්.ඒ වගේම කැමරාවට දකුණු පැත්තට වෙන්න Single LED Flash එකකුත් බලාගන්න පුළුවන්.
ඒ වගේම ෆෝන් එකේ ඉස්සරහින් බලද්දී වම පැත්තෙන් අපිට බට්න් මොනවත් දකින්න නෑ.ඒ වෙනුවට අපිට Hybrid Sim Tray එක බලාගන්න පුළුවන්.මොකද්ද මේ Hybrid Sim Slot එක කියන්නේ.මේකෙදි අපිට nano sim දෙකක් හෝ nano sim එකක් එක්ක MicroSD Card එකක් භාවිත කරන්න අවස්තාව ලැබිලා තියනවා.මේකනම් ඇත්තටම ලොකු අඩුවක් . කලින් තිබ්බ වගේ Dual Sim Tray එකක් සමග Micro SD සඳහා වෙන්වුණු Slot එකක් තිබ්බනම් හොඳයි.මේක දැන් ගොඩක් දුරකථන සමාගම් වලින් කරන වැඩක් . ඒක පාරිභෝගිකයන් විදිහට අපිටනම් ටිකක් දැනෙන අඩුපාඩුවක්.මොකද සිම් දෙකම එක්ක Micro SD කාඩ් එක පාවිච්චි කරන්න බැරි වෙන නිසා.හැබැයි මේකට විවිධ විසඳුම් අන්තර්ජාලයේ දකින්න පුළුවන්.හැබැයි මට ඒවා recommend කරන්න නම් බෑ.ඕව කරන්න ගිහිල්ලා වැඩේ නාගත්තොත් මාව අල්ලගන්න එපා
ෆෝන් එකේ උඩින් අපිට 3.5mm Headphone Jack එකක් සමග noise-cancelling Mic එකක් දක්නට පුළුවන්.ඒ වගේම ෆෝන් එකේ යටින් අපිට Speaker එකට සහ Mic එකට මැදින් Micro USB port එකක් බලාගන්න පුළුවන්.ඒ වගේම කලින් ෆෝන් එකට වඩා ලොකු බැටරියක් සහිතව තිබ්බ උනත් කලින් ෆෝන් එකේ thickness එක වෙන 8.2mm ප්‍රමාණයම මේ ෆෝන් එකෙත් දකින්න පුළුවන්.ඒ වගේම තමා hi-silicon Kirin 655 ප්‍රොසෙසර් එකක් තියෙන්නේ.මේක huawei විසින්ම හදන Chipset එකක්.
දැනට මේ ෆෝන් එකෙන් Gray , Gold සහ Silver කියන වර්ණ වලින් මිලදී ගැනීමට හැකියාව තියනවා.Gold සහ Silver වර්ණ වලදී White Front එකක් දකින්න පුළුවන් වගේම Gray එකේදී Black Front එකක් බලාගන්න පුළුවන්.
ඉතින් මේවා තමා අලුත්ම huawei Honor GR5 2017(honor 6X) ෆෝන් එකේ දකින්න පුළුවන් විශේෂ දේවල්.මේ සියල්ලම අපිට ශ්‍රීලංකා රුපියල් තිස්පන්දාහකට ආසන්න මුදලකට ලබාගන්න පුළුවන් .ඒ වගේම කියන්න ඕන දැන් huawei ලා ඔවුන් විසින්ම ලංකාවේ වැඩ පටන් අරන් තියනවා.ඒ නිසා ගොඩක් ෆෝන් ෂොප් වලින් කම්පැනි වොරන්ටි දෙනවා.ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලලා ෆෝන් එක ගන්න කියලා කියනවා.ගෙවන මුදලට වටිනා ෆෝන් එකක් කියල තහවුරු කරලා කියන්න පුළුවන්.
එහෙනම් අදට මම යනවා.මේ පොස්ට් එක ඔයාලට වැදගත් උනා කියලා හිතනවා.මොකක් හරි ගැටළුවක් , යෝජනා චෝදනා එහෙම තියනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න.ගල්මුල් සතුටින් බාරගන්නවා.අදට මන් යනවා.තවත් ෆෝන් එකක් ගැන විස්තරෙකින් හමුවෙමු
මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ .
චායාරුප වල හිමිකාරිත්වය GSMArena අඩවිය සතුවේ.
GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත
Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com
Samsung Galaxy S7 edge සිංහලෙන්
ඔන්න එහෙනම් ගොඩක් දවසකට පස්සේ තමා මම පොස්ට් එකක් අරන් ආවේ.අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ Samsung galaxy S7 Edge එක ගැනයි. S7 edge එක කිවුවම නොදන්නා කෙනෙක් ඉන්න බෑ .දැනට Samsung ලගේ තියන flagship ෆෝන් එක තමා මේක (Note 7 එක දැන් නැති නිසා. )
රිවිව් එක ගැන කතා කරන්න කලින් ෆෝන් එකේ specifications ටිකක් කියලා ඉන්නම්කො
Chip-set - Qualcomm MSM8996 Snapdragon 820 / Exynos 8890 Octa
GPU - Adreno 530 (Snapdragon Version)
Mali -T880 MP12 (Exynos Version)
Display - 5.5 Inches Super AMOLED Display ( 1440X2560 Pixels ) With Corning Gorilla Glass 4
Protection
Dimensions - 150.9 x 72.6 x 7.7 mm (5.94 x 2.86 x 0.30 in)
Weight - 157g
4GB RAM with 32/64GB Internal Memory with Micro SD Card Slot
12MP Rear Camera (f/1.7) with PDAF , OIS and LED Flash and 5MP(f/1.7) Front Camera with Dual Video Call And Auto HDR
Fingerprint, Accelerometer, gyro, proximity, compass, barometer, heart rate Sensors
Non-removable Li-Ion 3600 mAh battery
IP68 certified - dust proof and water resistant over 1.5 meter and 30 minutes
Wireless Charging
එහෙනම් දැන් පටන් ගනනම් මේ ෆෝන් එකේ රිවිව් එක.
Unboxing the Galaxy S7 edge
S7 Edge එක අපිට එන්නේ කළු පාට box එකකයි . ඒ බොක්ස් එකේ mobile phone එකත් එක්ක Fast Charging සහිත Charging Adapter එක , micro-USB Cable එක , Samsung Headphone එකක් , micro USB-to-USB adapter(USB OTG වලට උදව් වෙනවා ) එකක් අපිට දැකගන්න පුළුවන් ....
Design and build quality
මේකට කලින් ආපු galaxy S6 Edge එකත් එක්ක බලද්දී ගොඩක් සමානකම් S7 Edge එකේ දකින්න පුළුවන් .
5.5" Super AMOLED screen එක සහ Metal frame එකක් මේ ෆෝන් එකට තියනවා. ඒ වගේම Corning Gorilla Glass 4 නිසා ෆෝන් එකට හොඳ Protection එකකුත් ලැබිල තියනවා කියන්න පුළුවන්....
Display
මන් කලිනුත් කිවුවා මේකේ තියෙන්නේ 5.5" Super AMOLED Curved Display එකක් කියල.ඒ වගේම මේකේ Resolution එක Quad HD (1440 X 2560) වගේම Pixel Density එක 534Pixels Per Inch වෙනවා.Quad HD Display එකක් තිබීම VR වලදී හොඳ අත්දැකීමක් ගන්න ගොඩක් උදව් වෙනවා.
ඒ වගේම SAMOLED Display එක නිසා අපිට හොඳ Color Accuracy එකක් බලාගන්න පුළුවන්.
Battery Life
S6 Edge එක සහ S7 එක එක්ක බලද්දී S7 Edge එකේ උන ලොකු වැඩිදියුණු වීමක් තමා බැටරිය.පෙර තිබ්බ S6 Edge එකේ 2600mAh සහ S7 එකේදී 3000mAh බැටරියක් ලැබුනත් S7 Edge එකේදී අපිට 3600mAh බැටරියක් ලබාදී තියනවා.ස්මාට් ෆෝන් තියන අයට තියන ලොකු ප්‍රශ්නයක්නේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනට බැසීම.විශාල බැටරි ලබාදීමෙන් මේ අවුල විසඳගන්න පුළුවන් .ඒ නිසා S7 edge එකේ විශාල බැටරියක් ලබාදීම ඇත්තටම ඉතාම වටිනා දෙයක්.කොහොම උනත් මේ බැටරිය Non-Removable එකක්.එත් ඉතින් මේ දවස් වල එන ෆෝන් වලින් ගොඩක්ම එන්නේ මෙහෙම නිසා එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
ඒ වගේම මේ ෆෝන් එකේ අපිට ලබාදීලා තියන Qualcomm's Quick Charge 2.0 තාක්ෂනය මගින් මෙහි බැටරිය පය එකහමාරක් වගේ කාලයක් තුලදී ෆුල් චාජ් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ.හැබැයි ඉතින් මේකේ තියෙන්නේ අලුත්ම QC 3.0 නොවන නිසා ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තියනවා.කොහොම උනත් පැය දෙකකට අඩු කාලයක් තුලදී ෆුල් චාජ් කරගන්න හැකි වෙයි කියල තමා මටනම් හිතෙන්නේ.
ඒ වගේම මේ ෆෝන් එක Wireless Charging Supported.ඒ වගේම Fast Wireless Charger එකක් මගින් කේබල් එකක් මගින් චාජ් කරන්න යන වෙලාවට සමාන වෙලාවකින් බැටරිය චාජ් කරගන්න පුළුවන්.
ඒ වගේම S7 Edge එක එන වර්ෂන් දෙක වන Snapdragon Version එක සහ Exynos වර්ෂන් එක අතරින් Samsung විසින්ම නිපදවන Exynos Chipset එක සහිත ෆෝන් එක තමා හොඳම බැටරි ලයිෆ් එක ලබාගෙන තියෙන්නේ.ඒ උනත් මේ වර්ෂන් දෙක අතර තියන වෙනස බොහොම පොඩි ප්‍රමාණයක්.ඉතින් ඔයාට මේ දෙකෙන් එකක් තෝරාගන්න උනොත් දෙකෙන් මොන එක තොරගත්තත් ලොකු බලපෑමක් වෙන්නේ නෑ කියන එක තමා මගේ අදහස.
Exynos Version
Snapdragon Version
GSMArena වෙබ් අඩවිය මගින් විවධ ජංගම දුරකථන වල battery Test කරන ආකාරය දැනගැනීමට මෙතනින් පිවිසෙන්න,මෙමගින් අපට ජංගම දුරකතනයේ Actual battery life එක 100% ක් නිවරදීව දැනගැනීමට නොහැකි උනත් විවිධ ජංගම දුරකථන අතර Compare කිරීමකට මේ ටෙස්ට් උදව් වෙනවා.
Connectivity
S7 Edge එක Connectivity අතින් බලද්දී දැනට තියන සියලුම තාක්ෂනයන්ගෙන් සම්පුර්ණයි.
LTE , WI-Fi, a/b/g/n at 2.4GHz and 5GHz networks , Bluetooth 4.2 LE , apt-X-codec (for high-quality audio streaming) , NFC , USB OTG Supported Micro USB 2.0 වගේ දේවල් මේකේ අන්තර්ගතයි.
Software Overview and User Interface
Samsung Galaxy S7 edge එක Run වෙන්නේ Android 6.0.1 Marsh mellow මත Customize කරපු Samsung ලගේ UI එක වෙන Touch-wiz UI එකෙන්.
Lock Screen
Android M OS එක fingerprint readers, app manager, Doze mode වගේ දේවල් වලට Support කරනවා.
fingerprint reader එක ගැන කතා කරද්දී මේ S7 Edge එකේ තියෙන්නේ S6 එකේ සහ Note 5 එකේ තිබ්බ sensor එකමයි.මේ sensor එකට finger ප්‍රින්ට් එක තත්පර කිහිපයක් තුල ඉක්මනින් හඳුගැනීමේ හැකියාව තියනවා.
Setting Up the Fingerprint Protection
ඒ වගේම අපිට Always On Function එකත් මෙහිදී ලැබෙනවා . හැබැයි ඉතින් එක ටිකක් බැටරිය බහින වැඩක් තමා.
User Interface එකේ තියෙන විවිධ දේවල් ටිකක් පහල චායරුප වලින් බලාගන්න පුළුවන්.
Home Screen & App Drawer
Notification Panel
Themes
Split Screen Multitasking පහසුකමත් අපිට ලැබෙනවා.
App switcher
Floating window
Perfomance
දැන් අපි බලමු ෆෝන් එකේ තවත් වැදගත් දෙයක් ගැන. එතමයි ෆෝන් එකේ performance .
මම කලිනුත් කිවුවා වගේ S7 Edge එක අපිට Version දෙකකින් ලැබෙනවා.
Exynos 8890 Chipset එකෙන් එන S7 Edge එක සහ Snapdragon 820 කියන දෙක ගැනම අපි කතා කරමු.
Exynos 8890 කියන්නේ Octa Core( Eight Cores) processor එකක්. මේ Core 8න් 4 ක් mongoose කියන Cores වලින් සමන්විතයි.මේ Core හතර 2.6Ghz ස්පීඩ් එකකට Clock කරලා තියෙන්නේ. ඒවගේම අනිත් Core 4 , Cortex-A53 කියන 1.59 GHz ස්පීඩ් එකකට Clock කරපු Core වලින් සමන්විතයි.
ඒ වගේම Exynos 8890 සමග ලැබෙන GPU එක වෙන්නේ මේ වනවිට තියන most powerful ARM Mali GPU එක වෙන Mali-T880 MP12 කියන GPU එක.සාමන්යෙන් mali GPU වල performance ටිකක් අඩු උනත් මේ T-880 MP12 එකේ තියන Processing Cores 12 නිසා හොඳ පවර් එකක් ලැබෙනවා.
Snapdragon 820 Chipset එක ගැන කතා කලොත් මේ Chipset එක Quad Core chipset එකක්. ඒ උනාට මේකේ තියන Cores 4ම ගොඩක් Powerful Core එකක් වෙන Kryo Cores වලින් සමන්විතයි.Kryo Cores4න් දෙකක් 2.15Ghz වලට සහ අනිත් දෙක 1.6Ghz වලට Clock කරලා තියනවා.
ඒ වගේම තමා Snapdragon 820 Chipset එකත් එක්ක අපිට ලැබෙන GPU එක වෙන්නේ දැනට තියන powerful Adreno GPU එක වෙන Adreno 530 එකයි.මේක ඉතාම හොඳ GPU එකක් තමා.Games වගේ දේවල් වලට කිසිම අවුලක් නැතුව උපරිම Performance ගන්න පුළුවන් GPU එකක් තමා මේක.
ඒ වගේම S7 Edge වර්ෂන් දෙකේදීම ලැබෙන්නේ 4GB LPDDR4 Ram එකක්.
මම පහලින් දාන්නම් මේ වර්ෂන් දෙකේම Benchmark Scores තව දන්නා කියන ෆෝන් කිහිපයක් සමග සංසන්දනය කරලම.
Geek-bench 3 single-core ( Higher is better )
Apple iPhone 6s Plus - 2527
Samsung Galaxy S7 edge (S820) - 2345
Samsung Galaxy S7 edge (Exynos) - 2151
Geek-bench 3 multi-core ( Higher is better )
Samsung Galaxy S7 edge (Exynos) - 6600
Samsung Galaxy S7 edge (S820) - 5420
Apple iPhone 6s Plus - 4413
AnTuTu 6 ( Higher is better )
Samsung Galaxy S7 edge (S820) - 132,849
Samsung Galaxy S7 edge (Exynos) - 129,229
Huawei Mate 8 - 91,609
GFX 3.1 Manhattan -1080p offscreen (Higher is better)
Samsung Galaxy S7 edge (S820) - 32
Samsung Galaxy S7 edge (Exynos) - 29
Sony Xperia Z5 - 18
මේ results බලනකොට කියන්න පුළුවන් S7 Edge ෆෝන් එක දැනට තියන Powerful ම ස්මාට් ෆෝන් අතරින් එකක් කියලා .
ඒ වගේම තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තමා Snapdragon හෝ Exynos වර්ෂන් දෙකෙන් මොන එක ගත්තත් performance වල ලොකු වෙනසක් නෑ කියන එක.දෙකම කරට කර ඉන්නවා කියන එක.ඒ නිසා මේ ෆෝන් එකේ වර්ෂන් දෙකෙන් එකක් තොරගන්නකොට එච්චරම හිතන්න දෙයක් නෑ.
Camera
S7 Edge එක එන්නේ 12MP පසුපස කැමරාවකින් යුක්ත වෙලා. Pixel Count එක අඩු උනාට , 1.4 µm Large Pixels සහ f/1.7 aperture එක නිසා විශාල ආලෝකයක් හසු කරගැනීමට හැකියාව මේ Camera Sensor එකට තියනවා වගේම Optical Image Stabilization තියනවා.. ඒ නිසා අපිට හොඳ Day Light වගේම Low Light Photos ගැනීමට හැකියාවක් ලැබිලා තියනවා
ඒ වගේම මේකේ තියන Dual Pixel focusing නිසා අපිට සාමාන්‍ය Phase Detection autofocus එකකට වඩා සිව් ගුණයක් වැඩි වේගයකින් Focus කිරීමේ හැකියාව ලබාදීලා තියනවා.
ඒ වගේම කැමරා app එක තුල panorama, selective focus, video collage, live broadcast, virtual shot, slow-motion, hyperlapse වගේ modes කිහිපයක් වගේම manual Mode එකත් තියනවා.
Camera interface
Samsung Galaxy S7 Edge ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් කිහිපයක් පහලින් දාන්නම්.
ඒ වගේම S7 Edge එකෙන් ගත්ත Close Up Shots කිහිපයක් පහතින්.
ඒ වගේම තමා මේ ෆෝන් එකේ තියන HDR mode එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන අදහසක් ගන්න පහත චායරුප ටික බලන්න.
HDR OFF
HDR ON
HDR OFF
HDR ON
කලින් කිවුව වගේම මේ කැමරා එක Low Light Photos වලට හොඳටම හොඳ කැමරා එකක්. සාමන්යෙන් වෙන ෆෝන් එකක හොඳ Low Light ෆොටෝස් ගන්න Tripod එකක අධාරයක් අවශ්‍ය උනත් පහල තියන ෆොටෝස් ටික අරගෙන තියෙනේ Tripod එකක් වගේ කිසිම උපකරණයක් යොදා නොගෙනයි.
ඒ වගේම මේ කැමරා එකේ panorama Mode එක යොදාගෙන ඉතාමත් හොඳ පැනරෝමා ෆොටෝස් ගැනීමට හැකියාව තියනවා .
ඒ වගේම මේකේ සෙල්ෆි කැම් එක ගැනත් කතා නොකර බැහැනේ.දැන් සෙල්ෆි කියන්නේ ප්‍රධාන දෙයක් වෙලානේ තියෙන්නේ.මේකේ Front Cam එක 5MP f/1.7 aperture එකක්.කම් එකෙන් ගත්ත ෆොටෝස් ටිකක් පහලින් දාන්නම්. තව දෙයක් කියන්න ඕන.මේ Front Cam එකේ තියන WideSelfie mode කියන mode එක මගින් අපිට අංශක 120 ක පුළුල් පරාසයක ෆොටෝස් ගැනීමේ හැකියාව තියනවා මේක Group Selfie වලට එහෙම ගොඩක් වැදගත් වෙනවා.
Selfies Taken From the S7 Edge
S7 කැමරා එකෙන් ගත්ත Full HD (1080P) වීඩියෝ සාම්පල් එකක් පහලින් තියෙන්නේ.
ඒ වගේම මේ කැමරා එක 4K වීඩියෝ රෙකොඩින් පහසුකමද සහිතයි .4K වීඩියෝවක් පහතින්
අන්තිමට කියන්න තියෙන්නේ දැනට තියන හොඳම Flagship එකක් තම S7 Edge එක.ගන්න සල්ලි තියනවනම් ගන්නම වටිනා ෆෝන් එකක් තමා.Flagship එකක තිබිය යුතු සියලුම අංග වලින් පරිපුර්ණ ස්මාට් ෆෝන් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.SAMOLED Display , Camera , performance , battery , Audio & Video Quality වලින් උපරිමයි වගේම Curved Display එක නිසා හොඳ flagship Feeling එකකුත් ලැබෙනවා.මොකද දැනට තියන Curved Display සහිත ෆෝන් සීමිත නිසා . හොඳ ෆෝන් එකක් හොයන කෙනෙක්ට මේක ඇත්තටම හොඳ choice එකක් කියලා සහතික කරන්න පුළුවන්.එහෙනම් අදට මම ගියා.අලුත් පොස්ට් එකක් දානන ටිකක් කල් ගිය එක ගැන සමාව ඉල්ලනවා.ඒ වගේම ලැබුවා වූ නව වසර සිතුම් පැතුම් ඉටුවන , සාමය සතුට සෞභාග්‍ය ඉතිරුණ සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා......
post ගැන හිතෙන දේවල් අදහස් යෝජනා චෝදනා පහලින් කොටාගෙනම යන්න.ඒ වගේම පොස්ට් එක හොඳයිනම් , වටිනවා වගේ තේරෙනවනම් share කරගෙනම යන්න :D
මෙම ලිපිය GSMArena වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක සිංහල පරිවර්තනයක් වන අතර එම ලිපියේ සියලුම කරුණු පරිවර්තනය නොකර වඩාත් අවශ්‍ය වේ යයි සිතු කරුණු පමණක් පරිවර්තනය කර මෙම ලිපියේ අන්තර්ගත වේ .
චායාරුප වල හිමිකාරිත්වය GSMArena අඩවිය සතුවේ.
GSMAreana වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතනින් පිවිසීමෙන් ඔබට බලාගැනීමට හැකිවෙනු ඇත
Photo Credit Goes to GSMAreana.com
Special Thanks to GSMAreana.Com
under:
reviews
Search
Total Pageviews
Popular Posts
-
අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් වල සෑහෙන්න කතා බහට ලක්වෙන ෆෝන් එකක් වෙන Huawei Honor GR5 2017 හෙවත් Huawei Honor 6 X එක ගැන මේක...
-
Seedr enables users to easily stream, download, and organize torrents directly on the cloud. Seedr allows users to watch movies, listen ...
-
ඔන්න එහෙනම් ගොඩක් දවසකට පස්සේ තමා මම පොස්ට් එකක් අරන් ආවේ.අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ Samsung galaxy S7 Edge එක ගැනයි. S7 edge එක කිවුව...
-
Bluetooth Special Interest Group (SIG) විසින් පසුගිය ජුනි මාසයේදී Bluetooth 5 වල එන්න තියන Specs ගැන තොරතුරු දුන්නා .ඒ ඔවුන්...
-
ඔන්න බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක විදිහට android ලගේ අලුත්ම OS Version එක වෙන android 7.0 ( Nougat ) ගැන තමා කියන්න හදන්නේ . N oug a t එක...
Popular Posts
-
අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් වල සෑහෙන්න කතා බහට ලක්වෙන ෆෝන් එකක් වෙන Huawei Honor GR5 2017 හෙවත් Huawei Honor 6 X එක ගැන මේක...
-
Seedr enables users to easily stream, download, and organize torrents directly on the cloud. Seedr allows users to watch movies, listen ...
-
ඔන්න එහෙනම් ගොඩක් දවසකට පස්සේ තමා මම පොස්ට් එකක් අරන් ආවේ.අද මන් කියන්න බලාපොරොත්තු වෙන්නේ Samsung galaxy S7 Edge එක ගැනයි. S7 edge එක කිවුව...
-
Bluetooth Special Interest Group (SIG) විසින් පසුගිය ජුනි මාසයේදී Bluetooth 5 වල එන්න තියන Specs ගැන තොරතුරු දුන්නා .ඒ ඔවුන්...
-
ඔන්න බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක විදිහට android ලගේ අලුත්ම OS Version එක වෙන android 7.0 ( Nougat ) ගැන තමා කියන්න හදන්නේ . N oug a t එක...